නෙතු දැහැන් බිඳී - එඩ්වඩ් ජයකොඩි | Nethu dahan bindi - Edward Jayakodi


නෙතු දැහැන් බිඳී
හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී
සෙනෙහසින් වැදී
සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී

ඝණදුරෙන් මිදී
තරු ‍රැහැන් ඇදී
සිහිනයෙන් වඩී කුමරී
මීදුමෙන් ඇදී
සිසිලසින් එතී
නෙතු අගින් බලයි සොඳුරී

නෙතු දැහැන් බිඳී...

හසඟනන් පිරී
පෙති පියුම් ඇරී
කළඹවයි විලේ වැතිරී
සඳ කැලුම් රිදී
තුරු අගින් මිදී
නෙක දසුන් මවයි කිඳුරී

නෙතු දැහැන් බිඳී...


ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - කළණි පෙරේරා
ගී පද - සරත් ආනන්ද ඩිරෙක්ස්





වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

Comments

  1. පද - සරත් ආනන්ද ඩිරෙක්ස්
    ස්වර - කළණි පෙරේරා

    ReplyDelete
  2. හරිම ලස්සන ගීතයක්... මම අහලා තියනවා සරත් ආනන්ද ඩිරෙක්ස් ලියපු එකම ගීතය මේක කියලා...

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති. එතුමගෙ නම අහල නෑනෙ වැඩිය :D

      Delete
  3. මම ආසයි දැනගන්න, ඇත්තටම මේ ගීයෙන් කියවෙන්නේ කාන්තාවක් ගැනද, නැත්නම් කාන්තාවකට උපමා කරන ලද සඳ එළිය ගැනද කියලා.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...