මගේ සිහින මැදුරේ - ශම්මිකා අමානි | Mage Sihina Madure - Shammika Amani (Samanala Sandwaniya)


මගේ සිහින මැදුරේ..
විසල් සිහින අතරේ..
ඔබේ සිහින වේ නම්..
රැගෙන යන්න ඒවා....
දොසක් ආයේ නොතබනා..
අන්ධ අහස සේ...
අන්ධ අහස සේ...

පමා වී ඇවිත් උයනේ..
පිපෙන මල් නෙළා ගනු බෑ..
සිහින් පොද වැටී සැලෙනා..
සුමුදු පෙති සිඹිනු බෑ...සුමුදු පෙති සිඹිනු බෑ..

දයාවක් වගේ දැනෙනා..
හැඟීමක් තියේ නම්..
ඉකිගසා හඬනු බැරී...
දොම්නසක් පිරේ නම්..දොම්නසක් පිරේ නම්....

මගේ සිහින මැදුරේ...

ගායනය : ශම්මිකා අමානි
පද රචනය : ජයන්ත චන්ද්‍රසිරි
සංගීතය : දර්ශන රුවන් දිසානායක
සමනල සංධ්වනිය“ චිත්‍රපටයේ ගීතයක්


Comments

  1. මේ ෆොටෝ එකේ ඉන්නේ ෂම්මිකා අමානි නෙමෙයි. මේ ඉන්නේ අමානි
    https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-prn1/18993_301610169985775_239901960_n.jpg

    ReplyDelete
    Replies
    1. ස්තූතියි bunty...වෙනස් කලා...!

      Delete
  2. ආයුබෝවන් !

    මම හුඟක් සිංදු අහන කෙනෙක්. ඒ වගේම සමහර හිතට දැනෙන ගීත අහන ගමන් එහි පදවැල් කියවන්නත් අමතක කරන්නෙ නෑ. හුඟක් මේ වගේ ගී පදවැල් ප්‍රසිද්ධ කරන වෙබ් අඩවි වල, ඒ වචන වල අක්ෂර වින්‍යාස වල අඩුපාඩු එමටයි. මම එයාලට දොසක් කියනවා නෙමෙයි. මොකද මම වැරදියටවත් මෙහෙම ගීතයක පදවැල් ලියලා නැහැනේ. නිවැරදි අක්ෂර වින්‍යාස සහිතව, බොහොම ඉවසීමෙන් ඉස්පිලි පාපිලි අඩු නැතුව ලියන එක ගොඩක් අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. අපටත් වරදින අවස්ථා නැත්තෙ නෑ. ඒ වෙලාවට මේ අඩවියෙ රසිකයන් තමයි ඒ දේවල් අපට පෙන්නල දෙන්නේ :-)

      Delete
  3. ඇයි මේ ගීතය ගුවන් විදුලි තරංග හරහා අපට අහන්න නොලැබෙන්නේ

    ReplyDelete
    Replies
    1. එකඟයි මමත්. හරසුන් පද වැල් වලට වඩා මේ වගේ ගී ඇහෙනවනම් කොච්චර වටිනවද?

      Delete
  4. Mama asu sinduwalin nihada manasikathwaye.sitha ek thanakata gatha haki godak lassana sinduwak.ස්තුතියි .ආයුබෝවන්

    ReplyDelete
  5. Mama asu sinduwalin nihada manasikathwaye.sitha ek thanakata gatha haki godak lassana sinduwak.ස්තුතියි .ආයුබෝවන්

    ReplyDelete
  6. Mama asu sinduwalin nihada manasikathwaye.sitha ek thanakata gatha haki godak lassana sinduwak.ස්තුතියි .ආයුබෝවන්

    ReplyDelete
  7. Mama asu sinduwalin nihada manasikathwaye.sitha ek thanakata gatha haki godak lassana sinduwak.ස්තුතියි .ආයුබෝවන්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...