අමා ගඟ ගලාලා - ඩබ්.ඩී. අමරදේව | Ama ganga galala - WD Amaradewa


අමා ගඟ ගලාලා
අවා ගිනි නිවේවා
භවේ ශෝක පීඩා
එයින් සංසි‍ඳේවා
එයින් සංසි‍ඳේවා //

සංසාර භය පතර
සංහාර කොට දුරැර //
ප්‍රඥාවේ මිණි පහන ඇවිලී
අඥාන ඝණ තිමිර දුරලී
අඥාන ඝණ තිමිර දුරලී

අමා ගඟ ගලාලා
අවා ගිනි නිවේවා
භවේ ශෝක පීඩා
එයින් සංසි‍ඳේවා
එයින් සංසි‍ඳේවා //

සන්තාප දුක සිඳින
නිර්වාන සැප සැදින //
දුරු වී ලොවේ ලෝභ තණ්‌හා
පැරදී කෙලෙස්‌ මාර සේනා
පැරදී කෙලෙස්‌ මාර සේනා

අමා ගඟ ගලාලා
අවා ගිනි නිවේවා
භවේ ශෝක පීඩා
එයින් සංසි‍ඳේවා
එයින් සංසි‍ඳේවා //


ගායනය, සංගීතය - ඩබ්.ඩී. අමරදේව




වීඩියෝව ගත්තෙ මෙතනින් - wjsnax

Comments

  1. It ll be very usefull if u can put the name of the author too

    ReplyDelete
    Replies
    1. We tend to do so whenever we can. But we are helpless in times due to the reason that internet is being the only source.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...