තව දවසක් හමු වී - කීර්ති පැස්කුවෙල් | Thawa dawasak hamu wee - Keerthi Pasquel


තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ

මදපවනේ මුසු කෙරුවේ
යළි නොඑනා මතක අපේ
නිදි පැදුරේ ගෙවන පැයේ
සිහි කෙරුවා සුවඳ ඔබේ
ජිවිතේ පාළුයි මගේ

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ

තරු දෙවැටේ පිපෙන සඳේ
දුක වැඩලා ලොවට අපේ
කිරි සයුරේ මුතු පතුලේ
සැඟව ගියා මැණික මගේ
ආදරේ ගීයක් වගේ

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ


ගායනය - කීර්ති පැස්කුවෙල්
සංගිතය - රදීෂ් වැන්දබෝනා
ගී පද - සජිත් චතුරංග
චිත්‍රපටිය - ස්පන්දන




වීඩියෝව ගත්තෙ මෙතනින් - Music.lk

Comments

  1. Kawadawath wayasata noyana sonduru layanvithaya methek gaya athi lassanama geethaya meyai. ada kale hathu pipenna wage bihiwana, kanata amihiri berihan dena gayakayane... Keerthigen igena ganilla kohomada kanata mihiri vidiyata uchcha swara komala swara sankalanaya karane kiyala !! Keerthi me wage geetha walin ape manasa suwapath karannata obata dheergayusha labewa!!!

    ReplyDelete
    Replies
    1. Dhaswarak asuwarh nima nowrna rasayak gena dena geerhayak..ma keerthi pasquel ge asama sinduwai .obata jayen jayama weewa, suba gamn..!!!!!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...