සඳලතා පායලා - කීර්ති පැස්කුවල් | Sandalatha Payala - Keerthi Pasquel


සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ

මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ //
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුණා රත්තරං
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුණා රත්තරං

සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ

වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පිං වාසනා //
පාළු රාත්‍රියේ සඳ රේණුවෙන්
පුරවන්කෝ රත්තරං
පාළු රාත්‍රියේ සඳ රේණුවෙන්
පුරවන්කෝ රත්තරං

සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ


ගායනය - කීර්ති පැස්කුවල්
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - සුනිල් ආරියරත්න

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...