කුංකුම චන්දන අංජන තවරා - විල්බට් ඇන්තනි | Kunkuma chandana anjana thawara - Wilbert Anthony


කුංකුම චන්දන අංජන තවරා
චාන්දනි සිනාසුනා
නළල පුරා තිලකය තියලා
මට ආදර බස් දුන්නා //

මා හද සනසන්නී
බැඳි ආලය පවසන්නී
බැඳි ආලය පවසන්නී
මා හද සනසන්නී


සීතල පවනට මුසු වීලා
ගයනා ගී හඬ රැව් දෙනවා
ලාලිත මෝහන වදන් නිසා
තුරුලිය හිනැහෙනවා
ඔබ හින්දා මගෙ මුළු ජීවිතයම
රසයෙන් රස වෙනවා


කුංකුම චන්දන අංජන තවරා
චාන්දනි සිනාසුනා
නළල පුරා තිලකය තියලා
මට ආදර බස් දුන්නා

මා හද සනසන්නී
බැඳි ආලය පවසන්නී
බැඳි ආලය පවසන්නී
මා හද සනසන්නී


අවහිර බාධක අතරතුරේ
අපගේ ජීවන ඔරුව පැදේ
ඔබගේ හසරැලි අතරතුරේ
මම නැහැ සන්තාපය දුටුවේ
සොඳුරිය ඔබගේ සොඳුරු බවින්
මගෙ ජීවය ඔකඳ කෙරේ


කුංකුම චන්දන අංජන තවරා
චාන්දනි සිනාසුනා
නළල පුරා තිලකය තියලා
මට ආදර බස් දුන්නා //

මා හද සනසන්නී
බැඳි ආලය පවසන්නී
බැඳි ආලය පවසන්නී
මා හද සනසන්නී


ගායනය - විල්බට් ඇන්තනි
තනුව - සෝමපාල රත්නායක
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන



You Tube - Krishantha Tissera

Comments