හික්කඩුවෙහි තරුණ කෙල්ලො - විරිඳු | Hikkaduwe Tharuna Kello - Viridu


හික්කඩුවෙහි තරුණ කෙල්ලො
මා ගැන සැලකිලිමත් වී
හදිස්සි වුනු නිසා ඔහුන්
ඇත අද දින බොහො දුක්වී

කිව්වට දැන් මෙහෙම කතා
නැහැ තාමත් කෙනෙක් පතා...//

මේ වෙනකන් මම හිටියේ
බොහො සතුටින් බව හිතන්න
බලාපොරොත්තුවක් තිබෙයි
තවදුරටත් මෙහෙම ඉන්න

ආවට බොරු සෙනෙහෙ පපා
කරදර දෙන කෙල්ලො එපා...
ආවට බොරු සෙනෙහෙ පපා
වද දෙන කළු කෙල්ලො එපා...

සංසාරේ සරණ තුරා
සුදු කෙල්ලව හමුවන තුරු
ඇය වෙනුවෙන් ආදරෙ මං
පුද කරනවා මියයන තුරු

එන්න මගේ අත ඉල්ලා
බදිනෙමි පෙම් ඔන්චිල්ලා...//

හොද කෙල්ලක් හොයනා එක
කළුනික හොයනවා වාගෙයි
වදයක් නැහැනේ දෙයියනි
තනිකඩකම බොහොම අගෙයි

ආවට බොරු සෙනෙහෙ පපා
කරදර දෙන කෙල්ලො එපා...//
ආවට බොරු සෙනෙහෙ පපා
වද දෙන කළු කෙල්ලො එපා...

ලව්කරලා බදිනවා මං
බැහැ බැදලා ලව් කරන්න
පව් කරලා නැහැනේ මං
පුළුවනි කෙල්ලක් ලබන්න

නංගිල මේ ටික අහන්න
කපුකම් නම් එපා ඔන්න
තනිකඩ මට මෙහෙම ඉන්න
ආසයි මං කල් ගෙවන්න

එහෙම කෙනෙක් ඉන්නවා නම්
මා ගැන ඉඟි බිගි කරන්න..//
බොහොම හොදින් මා හමුවී
අයි ලව් යූ බව කියන්න...


ගායනය, සංගීතය, ගී පද - එම්.වී. ගුණදාස


Sahan Jayashantha - Virindu

Comments

  1. හරි වචනය විරිඳු ද (Virindu) .... විරිදු ද (Viridu) ... මං හිතන්නේ විරිදු (Viridu)

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...