දේදුන්නේ පාට පාටින් - සනත් නන්දසිරි | Dedunne pata patin - Sanath Nandasiri


දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ මායාවේ දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ //

ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී
සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ
තුන්කල් දකිනා ඇල්මෙන් රඳනා
තන්හාවකින් ළං ළං වෙලා

දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු...

රන් මෙවුලේ නෙත් රැඳේවි පා යුග්මේ සිත් ඇලේවී
මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ
දෑතේ පැටලී කාමී අඳුරේ
කැන්දාගනී මෝහනය වී

දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු...


ගායනය - සනත් නන්දසිරි
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගී පද - ප්‍රනීත් අභයසුන්දර




වීඩියෝව ගත්තෙ මෙතනින් - Hesandu Naveeja

Comments

  1. පද - ප්‍රනීත් අභයසුන්දර
    ස්වර - ස්ටැන්ලි පීරිස්

    ReplyDelete
  2. Corrections:

    රන් මෙවුලේ නෙත් රැඳේවි පා යුග්මේ සිත් ඇලේවී

    දෑතේ පැටලී කාමී අඳුරේ

    ReplyDelete
    Replies
    1. රන් මෙවුල කියන්නේ මොකක්ද

      Delete
    2. හරි. හැදුවා. ස්තූති වේවා!

      Delete
  3. මෙම ගීතය ගායනා වෙන්නේ මොන වර්ශයේද.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...