සුවඳැති කුසුමක - මර්වින් පෙරේරා, නීලා වික්‍රමසිංහ | Suwandathi kusumaka - Mervin Perera, Neela Wickramasinghe



සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනි
ඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිති
උකුලක නැළවෙන බිළිඳකු ලෙස තුරුලේ සිටිමි
මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනේ නිදි

මගෙ සිත සනසන උල්පත වැනි ඔබෙ සිනා රැලි
දැක මම පිබිදෙමි පුර සඳ දුටු කොඳ කැකුළු මෙනි

මගෙ හද පිනවන ඔබෙ නෙත් පවසන රහස දැනි
පන නළ ඇති තුරු තනි රැක සහනය සතුට දෙමි

සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනි
ඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිති
උකුලක නැළවෙන බිළිඳකු ලෙස තුරුලේ සිටිමි
මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනේ නිදි



ගායනය - මර්වින් පෙරේරා, නීලා වික්‍රමසිංහ
ගී පද - ලීනස් මෙන්ඩිස් පියතුමා



Comments

  1. ගරු ලීනස් මෙන්ඩිස් පියතුමා ගීත රචකයෙක් විදියට අතිවිශිෂ්ටයෙක් වෙන්නෙ මේ ගිතයත් එක්කමයි

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...