ලලිතා උඹ ගැන සිතා - ගැලක්සීස් | Lalitha Umba gena sitha - Galaxies


ලලිතා උඹ ගැන සිතා
ලලිතා උඹ ගැන සිතා
සිටියේ බාල කාලේ ඉඳලා
සිතා මෙමා උඹ ගැනම සිතා
මගෙ ලලිත ලලිත ලලිතා
මගේ පණ ලලිතා උඹ ගැන සිතා
ලලිතා උඹ ගැන සිතා

පිපිලා ඇත උඹ රෝස මල වගේ
හරිම හැඩයි ලලිතා
දැකලා උඹෙ රුව ඇදෙයි බඹරු තව
බලාගෙනයි ලලිතා
එපා එපා උඹ බලන්නෙපා මගෙ
හිතට දුකයි ලලිතා
සිතා සිතා මග බලා සිටිමි උඹ
මාගෙ ළඟට එන දා

ලලිතා උඹ ගැන සිතා
ලලිතා උඹ ගැන සිතා

නොකියා බැහැ මගෙ රන් කඳ උඹෙ රුව
මගේ සිතේ ඇඳුණා
කවදා හෝ උඹෙ අත ගන්නට මම
බලා හිඳිමි ලලිතා
එපා එපා වෙන කතා අසා මට
දුකක් දෙන්න ලලිතා
සිතා සිතා මග බලා සිටිමි උඹ
මාගෙ ළඟට එන දා

ලලිතා උඹ ගැන සිතා
මගෙ ලලිතා උඹ ගැන සිතා
සිටියේ බාල කාලේ ඉඳලා
සිතා මෙමා උඹ ගැනම සිතා
මගෙ ලලිත ලලිත ලලිතා
මගේ පණ
ලලිතා උඹ ගැන සිතා
මගෙ ලලිතා උඹ ගැන සිතා


- ගැලක්සීස්


Comments