හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා - එඩ්වඩ් ජයකොඩි, ධම්මිකා බණ්ඩාර | Handanna lanwa athi obe nuwan pura - Edward Jayakodi, Dhammika Bandara



හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නේ ජීවිතේ කතාවදෝ
හෙලන්න බැරිව ළතවෙනා සුසුම් සදා
කියන්නේ ජීවිතේ මුළාවදෝ

තරු ඇසක් ඇරී උදා ගිරේ
පෙම් මලක් මුවින් හිනා නැගේ
තරු ඇසේ කතා මියේද
පෙම් මලේ හිනා මැකේද
මේ වෙනසදෝ ආදරේ

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා

සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ //
හිරු ඇවිත් එ මල් දවාද
ඒ දුකත් වසන්ව යාද
මේ අරුතදෝ ආදරේ

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නේ ජීවිතේ කතාවදෝ
හෙලන්න බැරිව ළතවෙනා සුසුම් සදා
කියන්නේ ජීවිතේ මුළාවදෝ

ඇඳෙන්නේ ජීවිතේ කතාවදෝ
කියන්නේ ජීවිතේ මුළාවදෝ


ගායනය - එඩ්වඩ් ජයකොඩි, ධම්මිකා බණ්ඩාර
ගී පද - බන්ධුල නානායක්කාරවසම්


Comments

  1. මේ තමයි බන්ධුල නානායක්කාර වසම් මුලින්ම තනුවට ලියූ ගීතය

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...