චාන්දනී පායලා ආදරේ - ගුණදාස කපුගේ, චන්ද්‍රිකා සිරිවර්ධන | Chandani payala adare - Gunadasa Kapuge, Chandrika Siriwardena




චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා //

නෑඹුල් නෙතින් කළ ආරාධනාවේ
රැහැණින් වෙලී සිත ඉවසුම් නොදේ
ආයෙත් වසන්තය මුතුලැල් සලන්නා
නාමල් නෙලන්නයි ඇරයුම් කළේ
මල් මාලියේ ඔබෙ පැතුම මා
ඒ පැතුම මේ සසරෙ සපුරා රැ‍ඳේ

චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා

ආවත් නැගී නුබ ඈතින් ඉඳින් සඳ
නාමල් විමානේ අපටයි ස‍‍‍ඳේ
සිහිනෙන් පැතූ සුව සංකල්පනාවේ
නා මල් නෙලන්නට සඳ රැස් ඇළේ
මල් මාලියේ ඔබෙ පැතුම මා
ඒ පැතුම මේ සසරෙ සපුරා රැඳේ

චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා //

චාන්දනී පායලා ආදරේ ...


ගායනය - ගුණදාස කපුගේ, චන්ද්‍රිකා සිරිවර්ධන

Comments

  1. මේ ගීය පැරනි වුනාට ඇහෙන්නේ නැති තරම්. මට මතක හැටියට ගිතය ලිව්වේ සමන්චන්ද්‍රනාත් වීරසිංහ.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...