ශාන්තිනී තෙමා වැටෙයි - කරුණාරත්න දිවුල්ගනේ | Shanthini thema watei - Karunarathna Divulgane


ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්
පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං //

කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්

ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්...

සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න

ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්... //


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය - ගුණදාස කපුගේ
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ


Comments

  1. ස්ථායී කොටසේ අන්තිම පදය -
    "ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං"

    පළමුවෙනි අන්තරා කොටසේ තුන්වෙනි පදය;
    "බියේ සැලෙන ඔය දෑතේ...."

    ReplyDelete
    Replies
    1. හපොයි රත්න ශ්‍රී නඩු දානව මට තව පොඩ්ඩෙන් ;-)

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...