මගේ නොපෙනෙන ආදරේ - ප්‍රසංග තිසේරා | Mage Nopenena Aadare - Prasanga Thisera


මගේ නොපෙනෙන ආදරේ..
පෙනෙන දුරකට ගෙන්නෙපා..
දුටු නමුත් මගෙ ආදරේ..
දුටුව බව හඟවනු එපා..//

සසරෙ හමුවී පුරුදු ඇති මුත්
පුරුදු බව පවසනු එපා...
මට කලින් පෙම ඔහුට දුන් බව..
යලි යලිත් පවසනු එපා..
යලි යලිත් පවසනු එපා..

මගේ නොපෙනෙන...//

සිහින අතරින් පෙනුනු සිහිනය
සිහිනයකි සඟවනු එපා...
දකින දුරකින් ලඟින් ඉන්නම්
පෙනුනු බව පෙන්වනු එපා..
පෙනුනු බව පෙන්වනු එපා..

මගේ නොපෙනෙන....//

ගායනය : ප්‍රසංග තිසේරා
පද රචනය : මෙලාන් කරුණාතිලක
සංගීතය : ගිහාන් නිශාන්


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...