මා ආදර අම්මා - චාමර වීරසිංහ | Ma adara amma - Chamara Weerasinghe


නපුරු වෙන්න එපා කියල
නපුරු නොවී කීවා
දරුණු වෙන්න එපා කියල
දරුණු නොවී කීවා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා

ඇගෙ ආදර ලේ කිරි
මම රසකර බිව්වා
මගෙ ලෝකය මගෙ විශ්වය
ගෙදර බුදුන් අම්මා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා

කඳුලු බිංදු හංගා
මට සුර සැප දුන්නා
රස මසවුළු මට දීලා
ඇය නොකාම උන්නා
දරු සෙනෙහස හින්දා
අපමණ දුක් වින්දා
දුක් කරදර ඇය විඳගෙන
මට සුවයම දුන්නා
මා ආදර මගෙ අම්මා

යන එන තැන විමසා
මා පසුපස උන්නා
හිත රිදුණම හිස අතගා
දුක් ගින්දර නිව්වා
නිවැරදි මග පෙන්නා
ගුරුහරුකම් දුන්නා
ඔබට තියෙන ණය ගෙවන්න
සසරම මදි අම්මා
මා ආදර මගෙ අම්මා

නපුරු වෙන්න එපා කියල
නපුරු නොවී කීවා
දරුණු වෙන්න එපා කියල
දරුණු නොවී කීවා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා

ඇගෙ ආදර ලේ කිරි
මම රසකර බිව්වා
මගෙ ලෝකය මගෙ විශ්වය
ගෙදර බුදුන් අම්මා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා


ගායනය - චාමර වීරසිංහ
තනුව - ප්‍රියන්ත නාවලගේ
පද - ශෙහාන් ගලහිටියාව


Comments

  1. මේකේ ඕඩියෝ ක්ලිප් එක දාන්න.. වීඩියෝ මට අවුල්...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...