ලුහුබඳින්න මා - නදීක ගුරුගේ | Luhubandinna maa - Nadeeka Guruge


ලුහුබඳින්න මා ලුහුබඳින්න
අවි තුඩකට බෑ මතකය නසන්න //
අවි තුඩකට බෑ මතකය නසන්න

රාත්‍රියට ඇහැ පියන්න
හඳට ඕන නැහැ කියන්න
ඔබට ඕනේ අඳුරම නම්
ඔබට ඕනේ අඳුරම නම්
හඳට ඉලක්කය අරන්
වෙඩි තියන්න
අඳුර එක්ක
අඳුර එක්ක හිනා වෙන්න
අඳුර එක්ක හිනා වෙන්න

කුරුල්ලෙකුට පියාඹන්න
ඕන වෙයිද කියා දෙන්න
ඔබට ඕනේ මරණය නම්
ඔබට ඕනේ මරණය නම්
හදට ඉලක්කය අරන්
වෙඩි තියන්න
මිය යන විටදී හිනා වෙන්න
මිය යන විටදී හිනා වෙන්න


ගායනය, සංගීතය - නදීක ගුරුගේ
ගී පද - මංජුල වෙඩිවර්ධන

Comments

  1. patta machan. well done work.

    ReplyDelete
  2. මුලින්ම තිබිලා තියෙන්නේ මෙහෙම වගේ. ඒත් නදීක කියන එකට මං කැමතියි. ඔය කොන්සට් එක(නොස්ටැල් ගිටාර්) බලන්න ගියා. ඒත් නදීකගේ සමහර සිංදු වල වචන අල්ල ගන්න අමාරුයි පළවෙනි පාර අහනකොට. අමුතු සිංහලනේ ;) මට විතරක් තියෙන අවුලක්ද දන්නෑ!

    ReplyDelete
    Replies
    1. උඹ ලින්ක් එකක් දාල තියෙන්නෙ වෙන වර්ෂන් එකකටද මචං?

      Delete
    2. වචන ගැන අවුලනං තියෙනව තමයි. පොරගෙ ස්ටූඩියෝ මට්ටමේ රෙකෝඩිංවලත් වචන අල්ලගන්න අමාරුයි.

      Delete
    3. හුටා බ්ලොග් ලින්ක් එකමනේ දාලා තියෙන්නේ! සමාව!
      මෙන්න ලින්ක් එක http://www.youtube.com/watch?v=xM6oqTFOqHk

      Delete
  3. අඩේ මේ වර්ෂන් එක මට සෙට් වෙලා නෑ බං. මොකක් හරි ඩ්‍රාමා එකක් එකක් කියල අහල තිබුණ විතරයි. ස්තූති වේවා.

    කොහොමත් නදීකගෙ කවර් වර්ෂන් ඔරිජිනල් එකට වඩා මට සෙට් වෙනවා. මේකෙදි හැර. මේකෙ කුෂානිගෙ වොයිස් නදීකට වඩා මට සෙට්!

    කුෂානි - http://www.youtube.com/watch?v=MTRof3Fl79g

    නදීක - http://www.youtube.com/watch?v=8nUJvA871-4

    ReplyDelete
    Replies
    1. අනිවා මේකෙනම් මටත් කුෂානිගේ සිංදුව අල්ලලා ගියා. ඒ පදත් සෙට් වෙන්නේ ගෑණු කෙනෙක්ටමයි.

      මේක දැක්කද දන්නෑ. කොලිටිනම් අවුල් ඒත් අහලා බලන්න. මේකෙනම් කිත්සිරිට වඩා නදීම මරු මට නම්. http://www.youtube.com/watch?v=FuFAGKa86Cw

      Delete
    2. කිත්සිරිගෙ රෙකෝඩින් එකේදි දිගට ඇදෙන ඒව ඩබල් රෙකොඩිං මම හිතන්නෙ. ඒක කිත්සිරිටත් ලයිව් කියද්දි නාන්න වෙන සින්දුවක්. ෂිහ්. මේ ෂෝ එක හලාගත්තු එක මම කරගත්තු ලොකුම ගොන්කමක් බං!

      Delete
    3. මම මේ ශෝ එක ගැන දැනගත්තේ ශෝ එක තියෙන දවසේ හවස 1ට විතර. එහෙම්මම හාෆ් ඩේ දැම්මා ගෙදර ගිහින් ශෝ එකට ගියා :D

      Delete
    4. අපේ ගෑණි කිව්ව බං මේක ගැන. මම ඉතිං බක පණ්ඩිතයනෙ. ගණං ගත්තෙ නෑ. දැන් මේ ගැන දුක් වෙද්දි ගෑණි මට අනිත් පැත්තෙන් හිනාවෙනව :-((

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...