ඉවාන් පවුළුෂා - අප්සරා ද සිල්වා | Iwan Paulusha - Apsara De Silva


දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...//

ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...
ඇයි හොරැහින් ම දෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ...

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...//

ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...

නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙළලා..
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින ගොතලා..
බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට..
මෂෝර්කා නැටුමට අද පමණක් එන්න පවුළුෂා...//
ඉවාන් පවුළුෂා....ඉවාන් පවුළුෂා....

හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද..
කඳුලැලි දහඩිය ගැළුවට මහ කළුගල් දියවෙනවාද..
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද..
සිතගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද...//
ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...
ඇයි හොරැහින් මදෙස බලන්නේ..
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ..

දියවෙන්නට පෙර හෙට උදයේහිම ජීවිතේ...
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...

ගායනය - අප්සරා ද සිල්වා
සංගීතය - ප්‍රියන්ත ඩිරෙක්ස්
පද රචනය - චාරුක සුරවීර

Comments


  1. හොඳ නිර්මාණයක්. ගීත හඳුන්වාදෙන විටදී ගායනය, පද රචනය මෙන්ම සංගීතය නිර්මාණය කල සංගීත වේදියාවද හඳුන්වා දෙන්න.

    ReplyDelete
    Replies
    1. හැම වෙලාවෙදිම ගීතයේ නිර්මාපකයො තුන් දෙනාම ගැන කියන්නයි උත්සාහ කරන්නෙ. ඒත් ඒක හැම වෙලේම හරි යන්නෙ නෑ. මේ ගීතය වෙනුවෙන් නිමවුණු වීඩියෝවෙවත් අදාල සංගිත නිර්මාපකයා ගැන සඳහනක් නෑ. වෙන අඩවියක තිබුණ විධියට ප්‍රියන්ත ඩිරෙක්ස් මහතා මේ ගීතයේ සංගීත නිර්මාපකයා කියල හිතමු.

      Delete
  2. හැමදාම රසවින්ද ගීතයක්

    ReplyDelete
  3. තවමත් ප්‍රබෝධයෙන් අහන්න කැමති සින්දුවක්.රූපවාහිනියෙන් පලමුවෙන් ප්‍රචාරය වූ අවස්ථාවේ ඇතිවු නැවුම් රසය තවමත් විඳිමි

    ReplyDelete
  4. සහතික ඇත්ත, තවමත් නැවුම්ම රස විදින ගීතයක්, මෙහෙම ගීත ඉතාම සුළු ප්‍රමාණයක් විතරයි අප අතරේ තියෙන්නෙ..
    මේ ගීතයේ “බැලලයිකාව“ , “මෂෝර්කා නැටුම“ මේවා මොනවද කියල මමවත් දැනගෙන හිටියේ නෑ ගූගල් දෙවියන්ගෙන් තමයි අහගත්තේ..

    http://bit.ly/17OItvp

    http://bit.ly/126nHIY

    ReplyDelete
    Replies
    1. me wage thawa sindu thiyenawada?? api hamoma asai ahanna..

      Delete
  5. ivan paulusha kiyanne boy da ?

    ReplyDelete
  6. මේ පදවැල, තනුව, ගායනය, අප්සරාගෙ කටහඬ, සංගීත සංකලනය, වගේම රූප ගැලපුම(රූප රචනය මගේ පෞදගලික අදහස අනුව නොවැදගත්ම අංගය) පවා ඉතාම මැනවින් එකිනෙක ගැලපී සංයෝග වී තිබෙනවා. ඒකයි එය අපේ සිත්පතුලේම සටහන් වී තියෙන්නෙ. ඔබේ කාර්යය ඉතාම විටිනවා.

    ReplyDelete
  7. සින්දුවේ තේරුම කියල දුන්නනම්

    ReplyDelete
  8. Meaning plz... Godak asawen ahanawa.thanuwa, e wachana amuthu lassanak.meaning eka kawruhari danna

    ReplyDelete
  9. Meaning plz... Godak asawen ahanawa.thanuwa, e wachana amuthu lassanak.meaning eka kawruhari danna

    ReplyDelete
    Replies
    1. Maksim Gorki ge "Amma" nam u russiyanu nawakathwe ammage putha tama pawel kiyanne..amma eyata adareta kiyanna nama thama paulusha kiyanne..me song 1 ena belalaikawa,mazurka netuma me hemadema russian culture 1th ekka beduna wachana..itin me pawel nohoth paulusha samaja asadaranayata surakem walata erehiwa satan wadeemata tama jeevithaya kepa karapu nirdhana panthiye tharunayek..itin menna me tharunayata jevithe e detama kepa nokara adaraya widinna enna kyn erayumak thama me song 1n kiyanne..

      Delete
  10. මොකක්ද මේ සින්දුවෙ අර්තය? තෙමා උන කතාව මොකක්ද? මෙක ලියන්න හේතුවුනු සිද්දිය කවුරු හරි දන්නවාද? කවුරු හරි දන්නවාද? මේ සින්දුවෙ රුසියානු සම්භවයක් තියෙන බව තේරෙනව.

    ReplyDelete
  11. Russian sahithya ekka smeepa sambandayak tyena ,lassana sinduwak....colombo university ekedi thamai me sinduwa upadinne.......

    punchi waraddak tyenawa.............

    natumata awidin nathido .... mahada.....welanne.....

    methanadi mahada nemei..........

    natumata awidin nathido.....MABADHA....welanne......

    e kiyanne mage badha wata oyage athak dala mawa weladhaganne nathida kiyalai ahanne...............

    thanks/

    ReplyDelete
  12. Oh god.. I'm loving it.. unfortunately today we have no chance to here like these great creations..

    ReplyDelete
  13. First, I listed to this song when I was a child, but it made feel good even though I couldn't understand the meaning of this song. After that, I wasn't able to listen to this song. When I came to my young age, I got the song YouTube, and it took me to the magnificent memories of my childhood. This is one of the best songs in Sri Lankan how many new songs arrive in the track. Thank you for composing and singing this song.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...