උඩැක්කි කෝළම - කුමාර තිරිමාදුර | Udakki kolama - Kumara Thirimadura


දඟර වානෙ කම්බි වගේ අඟර දඟර දාගෙන
මොණර පැටික්කිය වාගෙයි මයුර තාන තම්දෙන
හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
මහරගමදි හම්බවුණේ මේ උඩැක්කි කෝළම
මහරගමදි හම්බවුණේ මේ උඩැක්කි කෝළම

උඩ බාගෙ හංස අඩවි අඩක් හිරු එළියට ඇරගෙන
පශ්චාත් භාගෙ යාන්තමින් කොට ඇඳුමින් වහගෙන
නොබැලුවොතින් ඒ ඇස් දෙක උගුල්ලන්න සිත්වෙන
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම

දඟර වානෙ කම්බි වගේ අඟර දඟර දාගෙන...

පවුල් අවුල් වෙන්ට පවා පෙර සළකුණු පතුරන
එක බැල්මට ඇස් ඉස් මස් ලේ සේරම පිච්චෙන
අනුරාගය තෑගි බෙදන මුව හසරැලි නංවන
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම

දඟර වානෙ කම්බි වගේ අඟර දඟර දාගෙන... //



ගායනය - කුමාර තිරිමාදුර
සංගීතය, ගී පද - විමල්ජිත් දොඹගහවත්ත

Comments

  1. මහරගම ඉන්නව අපෙ බාප්ප කෙනෙක්..කාලෙකින් ගියේ නෑ එහෙ..අම්මප යන්ට ඕන හෙටම...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...