පුංචි පුතා මගෙ - ඇන්ජලීන් ගුණතිලක | Punchi putha mage - Anjalin Gunathilaka


පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ
මුල්ම දවස අද වේ
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනි කල මොහොතේ
මා තනි කල මොහොතේ

අද සිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
මතු යම් දවසක වියතෙක් වනු මැන
සිතින් පැතුම් පතලා
ඔහු පන්තියෙ තියලා
මා වෙන්වුණ මොහොතේ
පුංචි ඇස් දෙකේ
කඳුළු බිඳු දෙකයි
ඔන්න වැටෙන්නට
මෙන්න වැටෙන්නට

පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ
මුල්ම දවස අද වේ

සෙනෙහස ම හදේ ගිණි ඇවිලෙද්දි
පුතු තනි කරලා පන්තියෙ තියලා
මල් ගස් යට සෙවණේ
පුතුගෙ සුවඳ පවනේ
මා තනි වූ මොහොතේ
පන්තිය නිම වී
පුතු ඇවිදිල්ලා
දිලිහෙන දෑසයි
ලස්සන මුහුණයි

පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ
මුල්ම දවස අද වේ
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනි කල මොහොතේ
මා තනි කල මොහොතේ


ගායනය - ඇන්ජලීන් ගුණතිලක
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - ධර්මසිරි ගමගේ

Comments