ඔබයි ඔබේ සිනා පොදයි - සරත් වීරසිංහ | Obai obe sina podai - Sarath Weerasinghe


ඔබයි ඔබේ සිනා පොදයි
සෙනේහයෙන් අවදි කරයි
උදෑසනින් මා
නිවයි මගේ හදේ සුසුම්
පවන් සලා කඳුළුවලින්
හඬා වැටෙමි මා

දයා සිතින් නෙත් දැල්වී
ඔබ එනතුරු බලයි
හදේ නැගෙන සුසුම් වෙතින්
සිනා ගඟක් ගලයි //

ඔබයි ඔබේ සිනා පොදයි...

රැයේ ගලන අඳුර මැදින්
ඇගෙ කටහඬ ගලයි
අපේ සිහින ලොව දෙදරා
ජීවිතයම හඬයි //

ඔබයි ඔබේ සිනා පොදයි
සෙනේහයෙන් අවදි කරයි
උදෑසනින් මා
නිවයි මගේ හදේ සුසුම්
පවන් සලා කඳුළුවලින්
හඬා වැටෙමි මා
හඬා වැටෙමි මා
හඬා වැටෙමි මා
හඬා වැටෙමි මා


ගායනය - සරත් වීරසිංහ
තනුව - ආනන්ද ගමගේ
පද - සුදත් දේවප්‍රිය


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...