නිල් නුවන් පෙඟෙන අඳුර ගලා - එඩ්වඩ් ජයකොඩි | Nil nuwan pengena andura gala - Edward Jayakodi


නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි
සොඳුර ඔබෙ නමින්

අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළු වෙලා

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී

ළැම හසුන් රැඟුම් පා මනමත් කළා දෝ
රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනාවේ ඔබමය මගේ හිතත්
ඔබ ළඟ නැවතිලා

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි
සොඳුර ඔබෙ නමින්


ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
පද රචනය - අමරසේන කංකානම්ගේ

Comments

  1. මගේ ප්‍රියතම සිංදුවක්... මුල්ම කොටසේ වචන පෙළ නම් උපරිමයි. මේකෙ පද ටික දෙපාරක් පේස්ට් වෙලා නේද? බලලා හරිගස්සන්න.

    ReplyDelete
    Replies
    1. අවුල හැදුව මතං! ස්තූති වේවා...

      Delete
  2. මගෙත් ප්‍රියතම ගීතයක්....80 දශකයෙ මුල් කාලෙ මුලින්ම ඇහුව දවසෙ ඉඳලම...බොහොම සොඳුරු මතකයකුත් තියනව මේ ගීය සම්බන්ධව....:)

    ReplyDelete
    Replies
    1. මේකට විෂුවල් එකකුත් තිබුණා ස්වර්ණවාහිනියෙ අවුරුදු 15කට විතර කලින්. සුපිරිම ගීයක් නේන්නං!

      Delete
    2. රවී අය්යේ... ඒ කතාව එහෙනං ඔය පඳුරු තැලිල්ලක් අස්සෙවත් ඔබ්බවටකෝ...

      Delete
  3. පුදුම වටින බ්ලොග් එකක් නෙව...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...