නෙතු පියන් පියා - බණ්ඩාර අතාවුද | Nethu piyan piya - Bandara Athauda


නෙතු පියන් පියා මුතු දසන් වසා
නිදි දැහැන් වැදී කුමරී
සිහිනයෙන් වඩී මා ළඟින් ඉඳී
මව් පියන් බලා නො ඉඳී

කැට මුගුරු වැදී තටු සඟළ බිඳී
ඉගිලෙන්නට නොහැකිද කුමාරියේ
සිහින මුවා තටු සලා වරෙන්
සුභ ප්‍රාර්ථනා වෙත කුමාරියේ

නෙතු පියන් පියා...

ඉරිසියා හීනි බොරු ගොතා කියූ
ඒ සුරංගනාවන් නිදා සිටී
හිරුට මුහුණු ලා පියාඹපන්
සුභ ප්‍රාර්ථනා වෙත කුමාරියේ

නෙතු පියන් පියා...


ගායනය, සංගීතය - බණ්ඩාර අතාවුද
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ


Comments