මිහිකත නලවාලා - සුනිල් සාන්ත | Mihikatha nalawala - Sunil Santha


මිහිකත නලවාලා
මග මල් ගන්වාලා
පාසල වෙත යන මේ
පිටිසර හෙළ ගුරු ලිය සැරදේ

සුදු හෙළ සාරිය
ඇඳලා හැඩ කොටැ
ඉඟ වට රැළි ලෙළවා
දිගු නිල් වරලස
පීරා නිසි ලෙස
මල් දවටා බැඳලා
ගෙල වට මුතු මාලේ
දෝතේ වළලු සැලේ
සිරියා සපුරා පිරියා පතුරා
යන සුරතල් ලීලා

මිහිකත නලවාලා...

ඕලු නෙළුම් ඈ
නෙක මල් පිබිදී
අහෝ විලේ සිරියා
ජයම මලක් ඉන්
නෙලා ගනියි ඕ
හා හා කුමටද ඒ
බාල ලියේ ඔබගේ
සුහදා හට වෙද ඒ
සුරතලියේ ඔබ හදවත පතුලේ
පෙම් මල කා සතුදෝ

මිහිකත නලවාලා...


ගායනය, සංගීතය - සුනිල් සාන්ත
ගී පද - හියුබත් දිසානායක

Comments

  1. ස්තුතියි මේ සටහනට

    ReplyDelete
  2. ඔයාාය ගොඩක් පිං



    මනෝජ්

    ReplyDelete
  3. harima lassanai.
    sthuthi karanne, sewwandi

    ReplyDelete
  4. harima lassanai.
    sthuthi karanne, sewwandi

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. if possible please upload the lyrics of "Mal Pibideegena Enne" by Mr. Sunil Santha

    ReplyDelete
    Replies
    1. මේ ගීතය යූ ටියුබ් හෝ වෙනත් තැනක තියෙනවනං ලිනික් එකක් දෙන්න පුළුවන්ද?

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...