ලඳුනේ ලඳුනේ - බේවිස් මනතුංග | Landune - Bevis Manathunga


දහඩිය මුතුබිදු කාසි කරන ලඳුනේ ..
ඒ රන් කාසියෙ අයිතිය නැති ලඳුනේ ..
දහඩිය මුතුබිදු කාසි කරන ලඳුනේ ..
තේ දල්ලේ රස ලොවට බෙදන ලඳුනේ ...

ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ...

ඉදිකටු තුඩුවෙන් කාසි මවන ළඳුනේ..
ඒ රන්සේලයෙ අයිතිය නැති ළඳුනේ..
වැලිකතරේ බිම කාසි මවන ළඳුනේ..
හිස් මිනිසුන් හට සැපත සදන ළඳුනේ..

ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ...

හිස්මිනිසුන්ගේ කුස් පුරවන්නේ
සුසිනිදු සළුවෙන් ගත සරසන්නේ
විල්ලුද යහනක ගත සතපන්නේ..
කාපට් පාරක ඉගිලී යන්නේ..

ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ...

ගායනය - බේවිස් මනතුංග
ගී පද - රංජිත් විජේසිංහ
සංගීතය හා ගායනය - බේවිස් මනතුංග
ශ්‍රව්‍ය පටිගත කිරීම- දමින්ද රාජපක්ෂ -DN audio recording studio Kandy
දෘෂ්‍ය පටිගතකිරීම - Induwara Media - Nalaka Geekiyanage
දෘශ්‍ය නිරූපණය - සමාධි ජයසිංහ
ශ්‍රව්‍ය දෘශ්‍ය නිශ්පාදනය - බේවිස් මනතුංග පදනම වෙනුවෙන් ජාලිය සෙනවිරත්න



Comments

  1. ලස්සන සින්දුවක් කලින් අහල නෑ නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් දමිත් සිංදුව නම් අළුත්..
      ඒත් ගායකයා ගැන නම් මහනුවර අවට අය ගොඩක් දන්නවා..බලමු නුවර අයගෙ කමෙන්ට් ආවොත් අදුරගත්තාද කියල..!

      Delete
    2. අයියෝ නුවර කෙනෙක් නම් මෙයා අඳුනන්නේ නැද්ද ?. ඕන වෙලාවක හම්බෙන්න පුලුවන් බෙක් හවුස් එක ළඟ මතුරට ලර්නස් එක ඉස්සරහා ගොඩක් වෙලාවට මෙයා ඉන්නවා. මම නම් හොඳින් අඳුනනවා ඒ දවස් වල අපේ අයියා කෙනෙක් හිටියා වාහන සීස් කරන මෙයාගේ හොඳ යාලුවෙක්. මෙයා නිතරම එයත් එක්ක මම නතර වෙලා හිටිය බෝඩිමට එනවා. දැන් නම් අවුරුදු ගානකින් මෙයා දැක්කේ නැ.

      Delete
    3. පාසල් යන කාලේ නුවර දි ඔහු ගේ සංගීත ප්‍රසංගයක් ගැන පෝස්ටරයක් දැකල මම පුදුම උනා.ඒ නිසා ඔහු ගායකයෙක් බව නම් දන්නවා.ඒත් ගීයක් ඇහුවේ නම් අදයි මුල් වරට.
      අත්වාරු දෙකත් ළඟින් තියාගෙන ශාන්ත කියන තැන ඔහු වාඩි වී ඉන්නවා දැකීම නුවර අයට සුලබ දසුනක්.

      Delete
  2. @ itnishantha - ස්තූතියි ලොක්කා..ඔය තියෙන්නෙ අදහස්..

    ReplyDelete
  3. මම මේ ගීතය මීට පෙර රස වින්දා.නැවත කථිකාවකට මුල පුරපු එකට ස්තුතියි.කාලෙකින් අහන්න හම්බුවෙන සැබෑ පිරිමි කටහඬක්.ගීතයට අදාල නොවුනත් සැබෑ පිරිමි මුහුනක්.දෘශ්‍ය මාධ්‍යයෙන් රස විඳිනකොට මට නම් ගායකයාගේ බාහිර ස්වරූපයත් වින්දනයේ කොටසක්.මේ ගීතයේ රචකයා,සංගීතය නිර්මාපකයා කවුද?
    මේ ගීතය ගැන දයානන්ද රත්නායක මහත්මයාගේ අදහසක් දැනගන්න හරිම කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ ශිල්පියා ගැන මම කිසිවක් දන්නෙ නෑ ඒත් ඔහු අති විශිෂ්ඨයෙක් . මට හිතෙන හැටියට පදමාලව සහ සංගිතය ඔහුගේම විය යුතුයි.කියලයි මට හිතෙන්නේ..

      Delete
    2. බේවිස් ගැන තව හොයන්න කුතුහලය ඇවිස්සුවට අරුණ අයියය ස්තුතියි !

      ගී පද - රංජිත් විජේසිංහ
      සංගීතය හා ගායනය - බේවිස් මනතුංග
      ශ්‍රව්‍ය පටිගත කිරීම- දමින්ද රාජපක්ෂ -DN audio recording studio Kandy
      දෘෂ්‍ය පටිගතකිරීම - Induwara Media - Nalaka Geekiyanage
      දෘශ්‍ය නිරූපණය - සමාධි ජයසිංහ
      ශ්‍රව්‍ය දෘශ්‍ය නිශ්පාදනය - බේවිස් මනතුංග පදනම වෙනුවෙන් ජාලිය සෙනවිරත්න

      මේ විස්තර හමු වුණේ මේ Facebook පිටුවෙන්

      Delete
    3. @ කණ්ඩා - ස්තූතියි....ඔන්න ගීයේ තොරතුරු එකතුකලා..!

      Delete
  4. @ arugeadaviya : දයා අයියට පණිවිඩේ දුන්නා ප්‍රතිචාරයක් එනකන් මමත් බලාගෙන...

    ස්තූතියි හැමෝටම..කලින් කිව්ව වගේම නුවර අපිට බෙවිස් අයියා කියන්නෙ සාමාන්‍ය කෙනෙක් හොද ගිටාර් වාදකයෙක් මම හිතන්නෙ කතා කරල නැති කෙනෙක් නම් නැති තරම්..
    (ටවුන් එකේ වාඩි වෙලා ඉන්න ඉංග්‍රීසි කතා කරන සිංදු කියන මේ පුද්ගලයා කව්ද..? - මේ නුවර අයගේ පොදු ප්‍රශ්නයක්)

    ReplyDelete
  5. ඇත්තෙන්ම මෙවන් ශිල්පියෙකු පිලිබඳ මමත් ඇහුවේ මේ මොහොතේම තමයි. සාමාන්‍යයෙන් මෙවන් ශිල්පින් මගෙන් මගහැරෙන්නේ කලාතුරකින් එවන් විරල අවස්ථාවක් මේක.

    සංගිත ක්ෂේත්‍රයේ කිසිවෙක් මෙවන් ශිල්පියෙක් ගැන දන්නෙ නැ. ඒත් ඉතාම මියුරු හඬක් බවනම් නොකියාම බැරිය.ඇත්තෙන්ම ඔහු අගයකළ යුතු වි‍ශිස්ඨයෙක්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...