අත්තම්මා නිවන් ගිහින් - හර්ෂණ දිසානායක | Aththamma niwan gihin - Harshana Dissanayaka


අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි
හුඟ දවසක් බලන් හිටිය එන්නෙම නැති පාටයි
ඒ වුනාට කියා දුන්න කවි සීපද වාරම්
අත්තම්මගෙ තාලයටම මට තාමත් පාඩම් //


හාන මී හරක් එක්කර කෑම දී හුඟක්
බාන බාන එක්කරගෙන හාමු අපි කෙතක්

අත්තම්මගෙ කවි හින්දලු
අපි ඔක්කොම කවි කියන්නෙ
අත්තම්මගෙ කවි රසයලු
අපි තාමත් රස විඳින්නෙ


අත්තම්මා නිවන් ගිහින්...


කොකා වෙලො හොද්ද ලිපේ
අමු කුඹුරේ පිට්ටු ලිපේ
මොකෑ පුතේ උඹේ කටේ
ඇයි මාමේ හකුරු කැටේ

අත්තම්මගෙ කවි හින්දලු
අපි ඔක්කොම කවි කියන්නෙ
අත්තම්මගෙ කවි රසයලු
අපි තාමත් රස විඳින්නෙ


අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි
හුඟ දවසක් බලන් හිටිය එන්නෙම නැති පාටයි
ඒ වුනාට කියා දුන්න කවි සීපද වාරම්
අත්තම්මගෙ තාලයටම මට තාමත් පාඩම්
මට තාමත් පාඩම්
මට තාමත් පාඩම්
මට තාමත් පාඩම්



ගායනය - හර්ෂණ දිසානායක
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - සෝමරත්න දිසානායක



Comments

  1. සඳ රාණියේ පොඩි දෝණි මේ කියලා ළමා ගායකයකුගේ සිංදුවක් තියනවා ,ඒක පුලුවන්නම් හොයලා දාන්න ! :)

    ReplyDelete
    Replies
    1. මේක හොයන එකනං ලේසි වෙන එකක් නෑ. හම්බවුණොත් බලමු :-)

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...