අකුරු මැකී නෑ - එඩ්වඩ් ජයකොඩි | Akuru meki ne - Edward Jayakodi


අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ
බොඳ වී නෑ සිතුවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම් //

මේ ඊරී බිම සීරී
කුණ්ඩුමණී හිස පීරී
දීසිය පුරවා දෝසී දමා
කුමුදුමතී හිනැහේවී

අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ...

අපි දුවමු අපි පනිමු
ගී කියමු අපි නටමු
ඇත් පොරයට අපි ඇහැ යවමූ
බාළ වියට පා නගමු

අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ...


ගායනය - එඩ්වඩ් ජයකොඩි
තනුව - රෝහණ වීරසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී

Comments

  1. sinduwa hari shoak neda

    ReplyDelete
  2. This amazing lyrics sung by this veteran singer is really great. It takes the listener to his/her childhood! Awesome song!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...