ආදරේ ඔබ මා හට ඇතිද කියා - මරියසෙල් ගුණතිලක, පියල් පෙරේරා | Adare oba ma hata - Mariazelle Gunathilake, Piyal Perera



ආදරේ ඔබ මා හට ඇතිද කියා
මා සිතේ සැකයක් ඇත ඉපදීලා
මාව දමා මෙහි තනි කරලා
ඔබ යයිදෝ වෙන්වීලා
ආදරේ දුක් වේදනා
ඔබ දෙයිදෝ මට මතුදා

ආදරේ ඔබ මට කෙතරම්ද කියා
ගීතයෙන් කියනෙමි ඔබ හට පහදා
මේ දිවියේ අවසානෙ පුරා
මම ඉන්නම් ළං වීලා
ආදරේ දුක් වේදනා
මා දෙන්නේ නෑ කිසිදා


මහ මුහුදේ යන අතරේ
මම මුහුදට වැටුණෝතින්
මම කිමිදීලා දිය යට ගිලිලා
ඔබ බේරන් ගොඩ එනවා

මහ කැළයේ යන විටදී
හොරු රැළකට අසුවේ නම්
සටනට වැදිලා උන් එලවාලා
ඔබ ‍බේරන් මම එනවා


ආදරේ ඔබ මා හට ඇතිද කියා
මා සිතේ සැකයක් ඇත ඉපදීලා
මාව දමා මෙහි තනි කරලා
ඔබ යයිදෝ වෙන්වීලා
ආදරේ දුක් වේදනා
ඔබ දෙයිදෝ මට මතුදා


වෙන හිතකට හිත ඇදිලා
මා අමතක කෙරුවෝතින්
රූ ළලනාවෝ හිටියත් කෙතරම්
මම ඔබ සොයලා එනවා

ඔබෙ මව් පියො එරෙහි වෙලා
ඔබ මා හැරදා ගියෝතින්
මේ මුළු ලෝකෙම එරෙහිව ආවත්
මම ඔබ කැන්දා යනවා


ආදරේ ඔබ මා හට ඇතියි කියා
මා සිතේ සැක දැන් ඇත දුරු වීලා
මේ දිවියේ අවසානෙ තුරා
අපි ඉඳිමු එක් වීලා
ආදරේ දුක් වේදනා
මතු වන්නේ නෑ කිසිදා

මේ දිවියේ අවසානෙ තුරා
අපි ඉඳිමු එක් වීලා
ආදරේ දුක් වේදනා
මතු වන්නේ නෑ කිසිදා


ගායනය - මරියසෙල් ගුණතිලක, පියල් පෙරේරා, ජිප්සීස්



Comments

  1. Meka parana unata godak hit una sinduwak.

    ReplyDelete
  2. ‍නියම ලම්බාඩා තාලයට සිංදුවක්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...