සෙනෙහස ඉල්ලා - මාලනී බුලත්සිංහල | Senehasa illa Liyathabara - Malani Bulathsinhala


සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ
හඬා වැටෙනවා මියැසි කැලක්..
කපුරු මලක පෙති සිද බිද දැමුවා
මලට වඩා විශ බමර තුඩක්..

වැහි කළුවර ඇති හැන්දා සමයක
තරුමල් පිපුණලු අහස් ගැඹේ..
දේවදූතයොත් හඬා වැටෙනවා
පෙම්මල් ඉහිරුණු පාර දිගේ..

සෙනෙහස ඉල්ලා...

යෞවනයේ සිත් විෂකල ප්‍රේමය
කලියුගයේ ඇත පහල වෙලා..
අසන්මතේ සිත් වැටහෙනු නොහැකිව
පවිත්‍ර ප්‍රේමය මහළු වෙලා...

සෙනෙහස ඉල්ලා...

ගායනය : මාලනී බුලත්සිංහල
පද රචනය : අශෝක කෝවිලගේ
සංගීතය : එච්.එම්.ජයවර්ධන

No comments:

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...