සීත මාරුතේ - රුවන් හෙට්ටිආරච්චි | Seetha maruthe - Ruwan Hettiarachchi


සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා //
ජීවිතයේ සතුටයි මා දුටුවේ
සාගරයේ ගැඹුරයි ඒ හැඟුමේ

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්...

යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟි පානා
රෑ තුන් යම ඔය ඇස් මානා මා මුසපත් කරනා //
ආදරයේ මිහිරෙන් මා නිවුණේ
ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්...

ඔබමයි ජීවිතේ මගේ


ගායනය, සංගීතය - රුවන් හෙට්ටිආරච්චි
ගී පද - නිලාර් එන්. කාසිම්


Comments