සමාවෙන්න බෝපතකට - චන්දන ලියනආරච්චි | Samawenna Bopathakata - Chandana Liyanaarachchi



සමාවෙන්න බෝපතකට කඳුළු බිංදු වැටුනා..
ඔයයි මමයි මේ මළුවෙදි එකතු වෙන්න පැතුවා..
දරා ගන්න බැරි ගින්දර බෝ සමිදුට කිව්වා..
අමාවකට අව සිහියෙන් සඳ බලන්න දිව්වා..

මංගල මුදුවට ආයුශ මාස තුනක් විතර..
කවුරුන් හෝ නොදැන ඇවිත් නිතර අපේ ගෙදර..
වේල් පිරිත් තොවිල් පවිල් කරත් නිතර නිතර..
හැමතිස්සෙම ඔයයි මමයි වෙන්නෙම අඩ දබර..

සමාවෙන්න බෝපතකට...

ඉරි තල තල දෙදරනකොට ලෙන්ගතු හද පතුල
මූසිලගේ වීණා හඬ වාගෙයි මුළු ලොවම
මා ආදර පෙම්වතියට නොදැනෙන හද සුවඳ
සාදාරණ වෙන කාටද ජීවත්වන තුරුම

සමාවෙන්න බෝපතකට...


ගායනය - චන්දන ලියනආරච්චි
සංගීතය - ජයසිරි අමරසේකර

No comments:

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...