සඳ එළිය ගලා එන - අසංක ප්‍රියමන්ත පීරිස් | Sada Eliya Gala Ena - Asanka Priyamantha Peiris


සඳ එළිය ගලා එන රාත්‍රියයි
ඔබ මගෙන් සමුඅරන් යන්න ළඟයි
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි
ඒ වුනත් සමු අරන් යා යුතුමයි... //

ඇඟිලි පටලා - සිටිය කාලේ
අපිව දුර නෑ - කියා දැනුනේ
තනුව උදුරා - සොඳුරු ගීතේ
දවස ඇයි මේ - නපුරු වූයේ

සඳ එළිය ගලා එන....

කඳුළු පිරුණු - දෙනෙත ඔබගේ
බලන්නට බෑ - දුකයි දැනුනේ
අහිමි වූවා - ප්‍රථම ප්‍රේමේ
කඳුල පමණී - උරුම සෙනෙහේ


ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
තනුව - රොෂාන් ප්‍රනාන්දු
ගායනය - රොෂාන් ප්‍රනාන්දු



Comments

  1. මේ ගීයේ සංගිතය කාගේද?

    මම සාමාන්‍යයෙන් අසංකගේ ගීවලට ප්‍රියකරන්නෙක් නොවේ. ඒත් මේ ගීය තුළ අමුතුම සුන්දරත්වයක් තියෙනවා. ඒත් මේ ශිල්පියාගේ ගායනයෙන් ඒක විරිදුවක් බවට පත්වෙනවා.

    ReplyDelete
    Replies
    1. මේක ස්ටූඩියෝ රෙකෝඩින් එකද කියල ෂුවර් නෑ මට. අසංක කොහොමත් ස්ටේජ් එකේනං රබර් කරනවනේ :D

      Delete
  2. කඳුළු පිරුණු - දෙනෙත බොදවී... යන කොටසේ "දෙනෙත ඔබගේ." ලෙස නිවැරදි විය යුතුයි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...