ඔබ මා හමුවන - චාමර වීරසිංහ | Oba Ma Hamuwana - Chamara Weerasingha


ඔබ මා හමුවන - අප දොඩමළු වන
අවසන් සැන්දෑවේ...
මා ගැන මතකය - යලි මට දෙනු මැන...//
ආදරියේ මගේ....ආදරියේ මගේ...

ඔබ ගත මා වෙත - සිත ඇත වෙනතක‍
සෙනෙහස කුමටදෝ ලදේ...
මට මා නැතිකල - ඔබ ගැන ඇති මතකය සිතෙහි...
මට මා නැතිකල - ඔබ ගැන ඇති මතකය
මිහිදන් කරමි හදේ...//

ඔබ මා හමුවන....

ඔහුවෙත වූ ඔබ - මා අත් හල බව
නොකියමි කාට හෝ ලදේ...
දිවියම මගෙ හැඩකල ඔබ හට වැඩු සෙනෙහස සිතෙහි...
දිවියම මගෙ හැඩකල ඔබ හට වැඩු සෙනෙහස
කදුලකි ජීවිතේ මගේ...//

ඔබ මා හමුවන...

ගායනය - චාමර වීරසිංහ
තනුව - ප්‍රියන්ත නාවලගේ
පද - මහේෂ් රත්සර


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...