ලෝකයේ රුදු නෙත් - ටී.එම්.ජයරත්න | Lokaye Rudu Neth - T.M.Jayarathne


ලෝකයේ රුදු නෙත් වසා..
ස්නේහයේ හසරැල් සලා..
මා සොයා පැමිණෙන්න සොදුරිය
රෑ සඳේ කඳුලක් වෙලා...

මා දෑස අවුරා ඔබ දෑස සඟවා..
සහසක් නුවන් දැල්විලා.. //
මේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ
යා වෙන්න පවනක් වෙලා..

ලෝකයේ රුදු නෙත් වසා..
ස්නේහයේ හසරැල් සලා..
මා සොයා පැමිණෙන්න සොදුරිය
රෑ සඳේ කඳුලක් වෙලා...

රෑ සීත අදුරේ මේ සොදුරු යාමේ..
පාළුව දැනී තනිවෙලා... //
මා තැවෙන යාමේ මේ පාළු කුටියේ
දැවටෙන්න සුවඳක් වෙලා..

ලෝකයේ රුදු නෙත් වසා..
ස්නේහයේ හසරැල් සලා..
මා සොයා පැමිණෙන්න සොදුරිය
රෑ සඳේ කඳුලක් වෙලා...


ගායනය - ටී එම් ජයරත්න
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගී පද - කුලරත්න ආරියවංශ




වීඩියෝව - Indiketi Hewage Rohan Indika

Comments

  1. කැමතිම ගීතයක්. තැංකූ.

    ReplyDelete
  2. මෙහි රචනය හා සංගීතය කවුද?

    (රචනය කුලරත්න ආරියවංශ මහතා නේද?)


    * විශිෂ්ට ගීතයක්!

    ReplyDelete
  3. රචනය : කුලරත්න ආරියවංශ
    සංගීතය : එච්.එම්. ජයවර්ධන

    (තවදුරටත් තහවුරු කර ඇතුළත කරන්න)

    ReplyDelete
    Replies
    1. රචනය : කුලරත්න ආරියවංශ
      සංගීතය : එච්.එම්. ජයවර්ධන

      මෙම ගීය ගැන දන්න කෙනෙක් මේක තහවුරු කරන්න පුළුවන්ද?

      Delete
  4. https://www.youtube.com/watch?v=oppqwGFA2b4
    ඉඳිකැටිහේවගේ රොහාන් ඉන්දික මහතා මුල් ගීත පිටපත්වලින් ගීත යූටියුබ් දාන කෙනෙක්. ඔහුගේ තොරතුරු නිවැරදියි.

    හැමෝටම ස්තූතියි!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...