කඳුළු පිසදාලන - බණ්ඩාර අතාවුද | Kadulu Pisadalana - Bandara Athauda


කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනෙහෙ මල්
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්...//

අවර නැකත නොවේ..
තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී
සතුටු කඳුළු පිපේ..
මල්යායට සිත්යාකල නුඹ මගෙ දේවී

කඳුළු පිසදාලන...//

අරුණ ගලන පැයේ..
නෙත්මානෙන් ඉගිලී යන නුඹමය රාත්‍රී
සිතට තනිය නොදී..
තුන්තිස් පැය මල්යහනට වැඩපන් දේවී

කඳුළු පිසදාලන...//

ගායනය - බණ්ඩාර අතාවුද
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - වසන්ත කුමාර කොබවක



වීඩියෝව ගත්තෙ මෙතනින් - SL Journey

Comments