හිත මගේ පාරලා - රොමේෂ් සුගතපාල | Hitha mage parala - Romesh Sugathapala


හිත මගේ පාරලා
මේ තරම් හඬවලා
ඔහු ළඟ තුරුලේ රෑ පුරා
වැලපෙමි ඉකි ගසා
ආදරේ සිහි වෙලා
විඳවමි රෑ පුරා
මගෙ පණ කොහිදෝ ගියෙ ඔයා
මගෙ හිත පාරලා

යහන තනිවී සුවඳ නැතිවී
මෙයද අපි පැතු ලෝකේ
කඳුල දෝ ඔබ මගේ
නෙතට ගිණි ඇවිලී
ජීවිතේ කිමිදිලා
මේ හැඟුම් ලියවෙලා
දුක තියා ඔබ ගියා
තනිය මට දීලා

හිත මගේ පාරලා
මේ තරම් හඬවලා
ඔහු ළඟ තුරුලේ රෑ පුරා
වැලපෙමි ඉකි ගසා

තුරුලෙ දැවටී කීව පෙම් ගී
මතක නැති වී මාගේ
හිතුමතේ රිදවලා
දුකම මට හිමි වී
ජීවිතේ කිමිදිලා
මේ හැඟුම් ලියවෙලා
දුක තියා ඔබ ගියා
තනිය මට දීලා

හිත මගේ පාරලා
මේ තරම් හඬවලා
ඔහු ළඟ තුරුලේ රෑ පුරා
වැලපෙමි ඉකි ගසා
ආදරේ සිහි වෙලා
විඳවමි රෑ පුරා
මගෙ පණ කොහෙදෝ ගියෙ ඔයා
මගෙ හිත පාරලා


ගායනය, සංගීතය - රොමේෂ් සුගතපාල
ගී පද - සම්පත් ප්‍රනාන්දුපුල්ලේ

Comments