එදා වගේ සඳ - ටී.එම්.ජයරත්න | Eda Wage Sanda - T.M.Jayarathne


එදා වගේ සඳ පෑයූ දිනයෙක
එදා වගේ සීතල තුරු සෙවනක
ඔබේ උණුසුමේ බිඳක් රැදෙන්නට
වරම් ලැබේවා යලි මතු දිනයක..

නිසසල සෙවනක අඬවන් අඳුරේ..
ලොවින් මුවා වූ අපේම ලොවකට..
ඔබේ සෙනෙහසේ සුවද විදින්නට
වරම් ලැබේවා යලි පිවිසෙන්නට...

එදා වගේ සඳ...

දහසක් ගිනි මැද නිබදව වැලපෙන..
ඔබේ අහිංසක නෙත්සනසන්නට..
මොහොතක් මා නෙතු පියැවෙන්නට පෙර..
වරම් ලැබේවා යලි ලංවන්නට...

එදා වගේ සඳ...

ගායනය - ටී. එම්. ජයරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුලරත්න ආරියවංශ


Comments