දිනෙක මතුදා - අබේවර්ධන බාලසූරිය | Dineka Mathuda - Abeywardana Balasooriya


දිනෙක මතුදා දෛවයෝගෙන්
ඔබව හමුවී නම්..
සිතැඟි ඉවසා වේදනා දුන්
ආදරේ මා පවසන්නම්..//

බැදි ආදරේ සඟවා හිතේ
නොකියා මෙමා උන්නා..
ඔබ දන්නෙ නැ - මා කීවේ නැ
හඬනා හැඟුම් පෙන්නා ළයේ..
ආදරෙන් අමතාවී..

දිනෙක මතුදා....

ඉරණම් ලෙසින් වෙන්වී මගෙන්
හෙට හෝ ඔබත් යාවී...
තනිවූ මගේ පෙම් චේතනා
මට රෑ රිදුම් දේවී හදේ - පසුතැවී අදුරේ..

දිනෙක මතුදා...

ගායනය අබේවර්ධන බාලසූරිය
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - අජන්තා රණසිංහ



Comments

  1. ow ayawa hamba wela ayawa dakkoth aduragani oya oyata adata dukwenna deyak wela thiyena akak naha kiyala mata wishwasai yaluwe.

    ReplyDelete
    Replies
    1. වට් ඉස් දිස් ෂිට්?

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...