ඈත දුරක දෑස පාවෙලා - ග්‍රේෂන් ආනන්ද, නීලා වික්‍රමසිංහ | Aetha duraka daesa pawela - Gration Ananda, Neela Wickramasinghe



ඈත දුරක දෑස පාවෙලා
ඈත දුරක දෑස පාවෙලා
ගොළු වීලා ඔහේ තනිවෙමූ
පාළු ලොවක
ඈත දුරක දෑස පාවෙලා

පාසැල් යාමේ බැඳීලා
මා නෙතු දෑලේ වෙලීලා
පෑ මදහාසේ
ජීවිත කාලේ
පා සිත යාවේ සදා

ඈත දුරක දෑස පාවෙලා
ගොළු වීලා ඔහේ තනිවෙමූ
පාළු ලොවක
ඈත දුරක දෑස පාවෙලා

ඒ සිහිනේදී උදා වී
මා කවදා හෝ ළඟා වී
මේ භවයේදී
මේ දිවියේ දී
යා වෙමී දෑතේ ඔබේ

ඈත දුරක දෑස පාවෙලා
ඈත දුරක දෑස පාවෙලා
ගොළු වීලා ඔහේ තනිවෙමූ
පාළු ලොවක
ඈත දුරක දෑස පාවෙලා


ගායනය - ග්‍රේෂන් ආනන්ද, නීලා වික්‍රමසිංහ
තනුව - ග්‍රේෂන් ආනන්ද
පද - කුලරත්න ආරියවංශ

Comments

  1. පා සිත යාවේ සදා = මා සිත

    ReplyDelete
  2. අන්තිමට :

    ඈත දුරක දෑස පාවෙලා
    ගොළු වීලා ඔහේ තනිවෙමූ
    පාළු ලොවක
    ඈත දුරක දෑස පාවෙලා

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...