ආයෙත් හඬන්න - තීක්ෂණ අනුරාධ | Aayeth Hadanna - Theekshana Anuradha


ආයෙත් හඬන්න කඳුලක් උනන්න
ඇයි අපි මේ හමුවන්නේ...
හිමි නැති ඔයාව හිත යට තියාන
දුක් විදලයි හිත හැදුනේ...

ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ
මං තාමත් මගේ තනි හීනේ..
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ 
ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ...

ආඩම්බර රුව දැකලා සිත ආයෙත්..
සඟවන්නට බැහැ කිසිදා - පුංචි පෙම්පත්කතා..
අපේම ලොවේදි අපි මුනගැසේවි සිතමින් පෙම්කරලා..
ඔබ දුර ඇදේවි මං ඉකිබිදීවි අපි ඈතයි සැමදා..

ආයෙත් හඬන්න...

සදාතනික පෙම පතලා තනිකඩ හිත මුලාවෙලා..
ඇති නැති දුර දුරක තියා - සත්තමයි පෙම් කලා..
අපේම ලොවේදි අපි මුනගැසේවි සිතමින් පෙම්කරලා..
ඔබ දුර ඇදේවි මං ඉකිබිදීවි අපි ඈතයි සැමදා..

ආයෙත් හඬන්න...

ගායනය : තීක්ෂණ අනුරාධ
පද රචනය : කසුන් ප්‍රීමාල්
සංගීතය : සඳරුවන් ජයසිංහ

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. Kasup : අහම්බෙන් හම්බෙලා අද තමයි මුලින්ම මේ පැත්තට ගොඩ වැදුනේ.හොඳ වැඩක් සෑහෙන්න මහන්සි වෙන පාටයි.

      සමාවෙන්න ඕනෙ, අත්වැරදීමකින් අදහස ඉවත් වුනා...ස්තූතියි අදහසට නැවත ගොඩවදින්න කියල ආරාධනා කරනවා.

      Delete
  2. මොකක් වෙලාද මංදා තාම තීක්ෂණ අනුරාදගේ ගිතමට දැනෙන්න හිතට වැටුනෙ නෑ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...