යාන්තමින් ඇස් විහිදාල - ජූඩ් රොගන්ස් | Yanthamin as wihidala - Jude Rogans


යාන්තමින් ඇස් විහිදාල බලනා හැටි
යාප්පුවෙන් මන්මත් වීලා සැලෙනා ගති
යහන් තලාවේ හීන ගලාවී ළංවී බැඳී
පහන් වුණාවේ පහස සොයා දී සුරතේ වෙලී
කාන්ති විහිදේ කේන්ති නෑනේ

වෑහෙන හීන ගානේ
සිතුවම් ඈගෙ දෑසේ
බැඳුනා ප්‍රේම දැහැනේ
ආදර සිතුවිලි වෑහේ //

දෑස විහිදාන ඈ පාව ආවා
රහස කීවා හිතේ
මාව සනසාවි ඒ ප්‍රේම සේයා
පහස දීලා හදේ
හද පාරනා වේදනා
දුර පාවෙලා චෝදනා

වෑහෙන හීන ගානේ... //

කෝල මදහාස දී පාව ආවා
දෑත දීලා ඇගේ
නීල තරු රෑන සේයාව මා හා
හීන මවනා පැයේ
හද පාරනා වේදනා
දුර පාවෙලා චෝදනා

වෑහෙන හීන ගානේ... //

යාන්තමින් ඇස් විහිදාල බලනා හැටි
යාප්පුවෙන් මන්මත් වීලා සැලෙනා ගති
යහන් තලාවේ හීන ගලාවී ළංවී බැඳී
පහන් වුණාවේ පහස සොයා දී සුරතේ වෙලී
කාන්ති විහිදේ කේන්ති නෑනේ

වෑහෙන හීන ගානේ... ///



ගායනය - ජූඩ් රොගන්ස්

Comments