උමතු රළ බිඳෙයි - නිර්මලී මාකලන්ද | Umathu rala bindei - Nirmali Makalande


උමතු රළ බිඳෙයි
සයුර ගොඩ ගලා
සුසුම් තිමිරයේ
ම හද ඉකි බිඳී //

ආ දිලුණු උදා තරුව සේ නෙතු ඔබේ
ඇයි මෙසේ කියා දෙන්නකෝ නිවී මෙසේ

සුපෙම් පුදසුනේ
මිලින මල් පෙති
පාව පාව යයි
වියරු රළ වැදී //

ආ දිලුණු උදා තරුව සේ නෙතු ඔබේ
ඇයි මෙසේ කියා දෙන්නකෝ නිවී මෙසේ //

අපි හිනා වුණත්
ළොවම හිනාවෙයි
සොම්නසින් වෙලී
සෙනෙහසින් බැඳී

ආ දිලුණු උදා තරුව සේ නෙතු ඔබේ
ඇයි මෙසේ කියා දෙන්නකෝ නිවී මෙසේ //
ආ දිලුණු උදා තරුව සේ නෙතු ඔබේ

ගායනය - නිර්මලී මාකලන්ද
සංගීතය - හර්ෂ මාකලන්ද
ගී පද - කපිල කුමාර කාලිංග

පවුරු වළලු චිත්‍රපටියෙන්



Comments