සිතින් විතරක් - චාමර වීරසිංහ | Sithin Witharak - Chamara Weerasinghe


සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ...
අපට අප හිමි නෑ ලොවේ...
ඔබට මා හිමි නෑ....මට ද ඔබ හිමි නෑ...

නිසල නෙතින් ඔබ මදෙස බලා ඉදී
දෙතොල් ඔබගේ මද හසින් සැරසේ
දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
දෙතොල් සිනහ මවනු මට බෑ
අපට අප හිමි නෑ ලොවේ..
ඔබට මා හිමි නෑ....මට ද ඔබ හිමි නෑ....

සිතින් විතරක්...

සසල වුනත් මගෙ සිතිවිලි ඔබ ලඟ
නිසල කරන් මම ඉන්නම් සෑම දින...
කාත් කවුරුවක් නොමැති මා හට
ඔබත් අහිමිව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ....මට ද ඔබ හිමි නෑ....

සිතින් විතරක්...


ගායනය - චාමර වීරසිංහ
සංගීතය - නවරත්න ගමගේ
ගී පද - ආරාධනා ඒකනායක




වීඩියෝව ගත්තෙ - Aradhana Ekanayaka



Comments