ඔබට යන්නම ඕනෑ නම් - ගුණදාස කපුගේ | Obata Yannama Ona Nam - Gunadasa Kapuge



ඔබට යන්නම ඕනෑ නම්..
ඔබ යන්න ඉතින් නික්මී..
මේ කාමරයේ පුරා රැදුනු සුවඳත් අරගෙන
ඒ සුවඳ ඇවිත් මගෙ සිත පාරයි..//

පුරහද දියවෙනවා සේ..
කළුවරටත් නොකියා..
ඔබ යන්න කලා සොලොසම සපුරා..
හෙට මළගම දා දියවක වී
ඉදින්න සුදු ඇදලා...

ඔබට යන්නම ඕනෑ නම්...

තරුවක් බැස යනවා සේ..
පා සලකුණු නොතියා..
ඔබ යන්න පාළු අහසින් බැසලා..
හෙට මළ හිරුගේ ඉහඉද්දර..
ඉන්න ඇවිත් පායා..

ඔබට යන්නම ඕනෑ නම්...


ගායනය - ගුණදාස කපුගේ
සංගීතය - ගුණදාස කපුගේ
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...