මාලතී වසන්තේ - එඩ්වඩ් ජයකොඩි | Malathi wasanthe - Edward Jayakodi


මාලතී වසන්තේ
මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ
ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ //

නෙතු දැහැනේ රැ‍ඳෙනා සිහිනේ
හද මැදුරේ බිඳෙනා සුසුමේ //
ප්‍රේම ප්‍රාර්ථනා නේක වේදනා
මා සොයා ඇදේවී
මා සොයා ඇදේවී

මාලතී වසන්තේ
මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ
ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ

මුතු හසරැල් සැලෙනා දෑසේ
පිණි කඳුලැල් පුරවා රහසේ //
මේ පහන් රැයේ මා නෙතින් මිදී
ඈ බලා හිදීවී
ඈ බලා හිදීවී

මාලතී වසන්තේ
මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ
ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ //


ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී



Comments