අසුරු සැණින් එක මොහොතකදී- යමුනා විනෝදනී | Asuru sanin eka mohothakadi - Yamuna Vinodani


අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට //
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

අසුරු සැණින් එක මොහොතකදී...

සෙනෙහෙ විමානේ කිරුළ දරන දා
සිඟිති තොලක කිරි හිනා දකින්නට //
එක සෙවණකදී හමුවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

අසුරු සැණින් එක මොහොතකදී...



ගායනය - යමුනා විනෝදනී
සංගීතය - ලෙස්ලි අශෝකා
ගී පද - කුසුම් පීරිස්


Comments

  1. ගොඩාක් ලස්සනයි

    ReplyDelete
  2. ගී පද වල තේරුම් දාන්න පුලුවන් නම් ගොඩාක් හොද දෙයක්

    ReplyDelete
  3. ගී පද වල තේරුම් දාන්න පුලුවන් නම් ගොඩාක් හොද දෙයක්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ප්‍රතිචාරය අවුරුදු පහකින් නිසා ඔබ දැනටමත් මෙහි තේරුම දන්නවා විය හැක

      Delete
    3. ඔය ගීතයට පාදක වෙන්නේ එක්තරා තරුණ ජෝඩුවක්. ඔවුන් දෙදෙනා ඉතාම සමීප යහලුවන් සේ අවුරුදු ගණනක් ඇසුරු කරනවා නමුත් දෙදෙනාම දෙදෙනාට හිත යටින් ඉතා ආදරය කරනවා. වට පිටාවේ ඉන්න කට්ටිය හිතන්නේ මේ දෙන්නා පෙම්වතුන් කියලා. ඒ තරම් ඔවුන් දෙදෙනා ලගින් ඇසුරු කරනවා. ඔහොම කාලය ටික ටික ගෙවිලා යනවා. කාලයේ ඇවැමෙන් අර ගැහැනු කෙනා වෙන කෙනෙක් සමග විවාහ වෙනවා. ටික කාලයක් ගිහිල්ලා ඒ ගැහැණුකෙනා ගේ යහලුවෙක් ඇවිත් ඒයාව හම්බවෙලා අහනවා ඇයි ඔයා මෙහෙම දෙයක් කරේ අපි හිතුවේ ඔයා අර පිරිමි කෙනා කසාද බදී කියලා කියනවා. එතකොට අර ගැහැණු කෙනා කියනවා. මමත් මේ කසාදය කරගත්තට හිතේ සතුටක් නෑ. මම එයා ගැන බලාපොරොත්තුවෙන් හියියේ. එයා මගෙන් ඒ ගැන අහනකම් ඉවසිල්ලෙන් හිටියේ නමුත් එයා ඇහුවෙ නෑ කියලා. පස්සේ අර යාලුවා ඒ පිරිමි කෙනා හොයාන යනවා. ගිහින් අහනවා ඇයි ඔයා ඔච්චර ලගින් ආශ්‍රය කරලත් එයාගෙන් ඇහුවෙ නැත්තේ කියලා. ඒ පිරිමි කෙනා දුකින් කියනවා එයා මට කැමති බව එක ඉගියකින් හරි පෙන්නුවනම් මම අහනවා. කියලා පස්සේ ඒ යාලුවා අයෙම අර ගැහැණු කෙනා හම්බවෙලා මේ බව කියනවා. ඒක ඇහුවට පස්සේ එයා ගොඩක් දුක්වෙනවා. පන්චස්ථාප වෙනවා ඊට පස්සේ කියනවා මට කාලය නවත්ආතලා පසු හරවලා අතීතවය යන්න පුලුවන්නම් මම ඒය කරනවා කියලා. ඊට පස්සේ ඒ ගැහැණු කෙනා අහිංසක ප්‍රාර්ථනාවක් කරනවා. කාලය නැවතිලා විශ්වයත් නැවතිලා ඒ ඔක්කොම ආපහු ආපස්සට ගිහිල්ලා ඔබ මගේත් මා ඔබේත් වෙන්න කියලා. එදා ඒ දේ කරානම් ජීවිත කාලයම ඔහු ඇගේ වී සතුටින් කාලය ගත කිරීම ගැන ඇය පන්ශස්ථාප වන ආකාරය තමා ඔය ගීතයෙන්ම කියවෙන්නේ.

      Delete
  4. ගොඩාක් ලස්සනයි

    ReplyDelete
  5. ගොඩාක් ලස්සනයි

    ReplyDelete
  6. Nice...me song eke harima theruma dannako

    ReplyDelete
  7. Nice...me song eke harima theruma dannako

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...