උත්සාහය උක් දණ්ඩක් වැන්නේ - චන්ද්‍රිකා සිරිවර්ධන | Uthsahaya uk dandak wanne - Chandrika Siriwardena


උත්සාහය උක් දණ්ඩක් වැන්නේ
වැලඳූ පසුවයි මිහිර දැනෙන්නේ
එහි රසයෙන් සිත සැනහී යන්නේ
අලස ගතේ දිව එය නෑ දන්නේ

පැනයක් දුටු කල එය විසඳන්නා
එඩිතර සිතකින් එය පිළිගන්නා
පැනයක් දුටු කල එය විසඳන්නා
එඩිතර සිතකින් එය පිළිගන්නා
එලස නොකර සකි ඉවත දුවන්නා
පැනය විසින් මහ වහලකු වන්නා

අප කුමටද ගොස් නොරට සිඟන්නේ
අපේ ඉසුරු මව් පොළවෙ තැවෙන්නේ
ඒවා ඉල්ලා වෙහෙස වෙයන්නේ
එවිට නොවේදෝ නොවහල් වෙන්නේ

සිංහල පාරක ගමන් නොගත්නේ
සිංහල පැදුරක නිදා නොගත්තේ
සිංහල පාරක ගමන් නොගත්නේ
සිංහල පැදුරක නිදා නොගත්තේ
සිංහල ගත දිය සිසිල නොදත්තේ
එවන් කෙනෙක්ගේ කුමක් ද තත්වේ

උත්සාහය උක් දණ්ඩක් වැන්නේ
වැලඳූ පසුවයි මිහිර දැනෙන්නේ
එහි රසයෙන් සිත සැනහී යන්නේ
අලස ගතේ දිව එය නෑ දන්නේ


ගායනය - චන්ද්‍රිකා සිරිවර්ධන
තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න
පද - රණසිංහ ප්‍රේමදාස


Comments