සුභ මං තලයේ - සෙව්වන්දි රණතුංග | Subha man thalaye - Sewwandi Ranathunga


සුභ මං තලයේ සඳ හිස ඇලයේ
මල් නොපිපුණ හිම කැලයේ
පොකුරින් පොකුරේ තරු මුතු එළියේ
බැඳ එමි පෙම් සැණකෙලියේ //

මුව කමල අයා කියු දෙයම ලියා
පියවර එකිනෙකම තියා //
මගෙ සුවඳ සොයා නළ ඇදෙන නියා
මතු එනු මැන ම වෙත සොයා

සුභ මං තලයේ සඳ හිස ඇලයේ...

හෙට අළුත් ලොවේ හිරු අළුත් නොවේ
දහසක් කල් ගියත් නොවේ //
අද වගෙයි භවේ හැම දිනක්ම ඒ
ඔබ සඳ වෙයි භවින් භවේ

සුභ මං තලයේ සඳ හිස ඇලයේ... //


ගායනය - සෙව්වන්දි රණතුංග
සංගීතය - විජේරත්න රණතුංග
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්


Comments