රැළි රැළි මුහුදු වෙරළේ - චින්තක ගීතදේව, ගෝෂා | Reli reli muhudu werale - Chinthaka Geethadewa, Ghosha


රැළි රැළි මුහුදු වෙරළේ
තුරුළු කරගෙන කිටි කිටියේ
රැළි රැළි මුහුදු වෙරළේ
තුරුළු කරගෙන කිටි කිටියේ
ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා
ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා
මම රැල්ල පාග පාගා ඇවිද්දා

ඉන වටා අත දාගෙන
පන්සලේ පඩි නගිද්දී
ඉන වටා අත දාගෙන
පන්සලේ පඩි නගිද්දී
ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා
ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා
මම පඩියෙන් පඩිය ගැන්නා
පඩියෙන් පඩිය නැග්ගා
පඩියෙන් පඩිය ගැන්නා
පඩියෙන් පඩිය නැග්ගා

කොටු කොටු පදික වේදිකාවේ
අත්වැල් බැඳන් යනකොට
කොටු කොටු පදික වේදිකාවේ
අත්වැල් බැඳන් යනකොට
ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා
ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා
මම කොටුවෙන් කොටුව ගැන්නා
කොටුවෙන් කොටුව පැන්නා
කොටුවෙන් කොටුව ගැන්නා
කොටුවෙන් කොටුව පැන්නා


ගායනය, සංගීතය, ගී පද - චින්තක ගීතදේව, ගෝෂා

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...