රාත්‍රිය උවමනා කර තිබේ - අමල් පෙරේරා | Raathriya uwamana kara thibe - Amal Perera


රාත්‍රිය උවමනා කර තිබේ
නිදන්නට නොව
ලොවින් සැඟවෙන්න
කණා මැදිරියනි
එපා ගෙට එන්න
රාත්‍රිය උවමනා කර තිබේ
වැළපෙන්න

එකට ආ මාවතේ ළං ළං ව
රැඳුනු ඇඳුනු සිවු පිය ලකුණු
එක පෙළට
දෙමගකට හැරුණු හැටි
දැනගන්න
රාත්‍රිය උවමනා කර තිබේ
වැළපෙන්න

නිසල තුරු මානයේ මල් මල් අතර
පිරූ පිරූ පෙම් ගී සොඳුරු
මුණු මුණු ව
ගොළුවතට හැරුණු හැටි
දැනගන්න
රාත්‍රිය උවමනා කර තිබේ
වැළපෙන්න

රාත්‍රිය උවමනා කර තිබේ
නිදන්නට නොව
ලොවින් සැඟවෙන්න



ගායනය - අමල් පෙරේරා
සංගීතය - දර්ශන රුවන් දිසානායක
ගී පද - යසනාත් ධම්මික බණ්ඩාර



වීඩියෝව ගත්තෙ මෙතනින් - Yasanath Dhammika Bandara

Comments