එක දවසක් හැන්දෑවක - අතුල අධිකාරි | Eka dawasak handewaka - Athula Adhikari


එක දවසක් හැන්දෑවක
කණාමැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්
මං හෙව්වා තරු කැටයක්
නිල් පාටින් පායා දිලෙන
නිල් පාටින් පායා දිලෙන

සිහිනයක ගිලී මා සිටියා
කවුරුදෝ විත් දොර බිදිනා විට
සුළං පොදක් වත්
ඇරුණු දොර පියනින් ආවා නම්
සිහිනයේ සුව අරං
නන්නාදුනා දෑසක්
නිවී නිවී දිළිසුනා මොහොතක්

සුහද ආරාධනාවක්
අරන් ඈ ඇවිත් දොරකඩට
පවන් පොදකටවත්
ඉඩක් නෑ නොවෙද
අවකාශයම වසාගෙන
ඈ සිටිනා විට මා අසළ
ඈ සිටිනා විට මා අසළ

එක දවසක් හැන්දෑවක
කණාමැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්
මං හෙව්වා තරු කැටයක්
නිල් පාටින් පායා දිලෙන
නිල් පාටින් පායා දිලෙන

මා අසළ ලැගුම් ගනු පෙරතුව
මා තුලට මොහොතකට එබුනා නම්
පැහැදිලිව දකින්නට තිබුණා
මා තුලම මා නොවන
පිටස්තරයෙකු සිටිනා වග

ඔබේ පෙම  මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද
ඔබේ පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද
මා නොවන ඒ අමුත්තා වෙතද
මා නොවන ඒ අමුත්තා වෙතද


ගායනය - අතුල අධිකාරි
සංගීතය - නවරත්න ගමගේ
ගී පද - අශෝක හඳගම
සින්තටික් සිහින ටෙලි නාට්‍යයෙන්


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...